පොලිස් වෙඩි පහරින් මිය ගිය සද්දන්තයාගේ සංවේදි ඛේදවාචකය..

Adinarayana Forest Wild Life Protection And Social Welfare Development Trust Elephant Wildfire Department Of Wildlife
By Sithumini Aug 16, 2024 05:50 AM GMT
Report

අලිමිනිස් ගැටුම පිළිබදව අපට වාර්තා වන්නේ අද ඊයේ නොවේ. මිනිසුන් මෙන්ම අලි මරණද නිරන්තරයෙන් සිදුවන්නේ එවැනි වාතාවරණයකදීයයි.

අද අපට වාර්තා වන්නේ ඉන් එහා ගිය ඛේදවාචකයක්. පොලිස් වෙඩි පහරින් වනඅලියෙකු මියයෑමේ සිදුවීමක් දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.

මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇත්තෙ බකමූණ පොලීසියේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පොලීසියේ ත්‍රිරෝද රථයෙන් මුර සංචාරයක යෙදී සිටින අවස්ථාවේදීයි. ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණා.

රාජා නමින් හදුන්වන 35හැවිරිදි ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන වනඅලියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වඇති බවයි වාර්තා වන්නේ.

මෙම වනාලියාගෙන් කිසිවෙකුට කරදරයක් නොමැති බවද ප්‍රදේශවාසීන් සදහන් කරනවා. සිද්ධිය සමග ප්‍රදේශවාසීන් හා පොලීසිය අතර ඊයේ රාත්‍රියේ උණුසුම් තත්වයක්ද හටගෙන තිබුණා.