මියගිය සිය සහෝදරයා වෙනුවෙන් දානයක් රැගෙන ගිය පාසල් දැරිය වන අලි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට (VIDEO)
හසලක, ගඟේයාය, පහේ ඇළ ප්‍රදේශයේ සිසුවියක් වනඅලි ප්‍රහාරයකට ලක්ව අද (28) උදෑසන මියගොස් තිබේ. හසලක, ගඟේයාය, පහේ ඇළ නිරන්තරයෙන් වනඅලි ප්‍රහාරයටන්ට ලක්වන ගම්මානයකි. වනඅලීන්ගෙන් ගම්මානයේ වගාබිම්වලට හානි සිදුවනවා සේම ගම්වාසීන්ගේ ජීවිතවලටද විශාල තර්ජනයක් එල්ල වී තිබේ.
එහි ආසන්තම සිදුවීම ලෙස අද උදෑසන වාර්තා වූයේ 16 හැවිරිදි සිසුවියකට දිවි අහිමි වීමයි. මීට දින 14ට පෙර මියගිය සිය සහෝදරයා වෙනුවෙන් දානයක් රැගෙන මව්පියන් සමග විහාරස්ථානයට යමින් සිටියදී මෙලෙස ඇය වනඅලි ප්‍රහාරයකට ගොදුරු වී තිබුණි. අනතුරුව ඇය හසලක රෝහලට ඇතුළත් කෙරුණද එහිදී ජීවිතක්ෂයට පත්වුණි.
මියගියේ හසලක ගඟේයාය, 5හේ ඇළ ප්‍රදේශයේ පදිංචි අනුත්තරා ඉඳුනිල් නැමැති සිසුවියකි. ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා හෙට (29) මුහුණදීමට සූදානම්ව සිට තිබේ. ගම්වාසීන් පවසන්නේ, වනඅලි තර්ජනයට නිසි විසඳුමක් නොදුනහොත් තවත් වටිනා ජීවිත මෙලෙසම අහිමි වීම වළක්වා ගත නොහැකි වනු ඇති බවය.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |