20 වනදා සිදුවන විරළ සිදුවීම

World
By Sithumi Apr 18, 2023 04:27 PM GMT
Report

විරල සූර්යග්‍රහණයක් මේ මස 20වන දින සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සූර්ය ග්‍රහණය අවස්ථාවේදී එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වන නිසා මෙම සුර්යග්‍රහණය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනවා.

සූර්යග්‍රහණයේ ගමන් මාර්ගය ලොව සමහර ස්ථාන වල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දැකිය හැකි අතර අනෙක් කොටස් වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ලැබෙනවා.

  අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරන් ගමන් කරන අතර වාර්තා වන්නේ අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටෙන ප්‍රදේශ වලට සුර්යග්‍රහණය දැකිය හැකි බවයි. 2013 දී වන අතර මීළඟට සිදු වන්නේ 2031 දීයි අවසාන දෙමුහුන් සූර්යග්‍රහණය සිදු වූයේ.

තාරකා විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ ඉන් පසු අනාගත අහස නිරීක්ෂකයින්ට 2164 මාර්තු 23 දක්වා රැඳී සිටීමට සිදුවනු ඇති බවයි. ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි.

මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවෙන අතර කෙසේ වෙතත්, බටහිර ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත් වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් ජීවිත කාලයටම එක්වරක් පමණක් විය හැකි මෙම අහස් සංදර්ශනය නැරඹීමට සූදානම් වන බවයි.

මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුලු කොටසකට පමණයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ වන අතර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10 කට පමණ පෙර එනම් 2013 නොවැම්බර් 3 වන දින සිදු වූ අතර මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය 2031 නොවැම්බර් මාසයේදී සිදුවන බවයි.