විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..ඇමතිගෙන් දැනුම්දීමක්..
                                    
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Cabinet
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                                                
                    Kanchana Wijesekera
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    විදුලි පාරිභෝගික ගාස්තු සංශෝධන යෝජනාව අවසන් කිරීම සඳහා ඊයේ (03) ලංවිම ගාස්තු අංශය සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වනවා.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, පිරිවැය පරාවර්තක තීරුබදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය වසරේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ අනුව සෑම වසරකම කාර්තුමය වශයෙන් ගාස්තු සංශෝධනය කිරීමට එහිදී තීරණය කල බවයි.
ඒ අනුව ජුලි මාසයේදී සංශෝධනයක් සිදුකෙරෙන බවත්, ඒ සම්බන්ධයෙන් වන ගාස්තු යෝජනාව මේ සතියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    