විදුලි බිලට කුමක් වෙයි ද?. කරන්න යන දෙය ගැන රාජ්‍ය ඇමති කියයි.. විශ්‍රාම වැටුප් සහ අර්ථ සාධක ගැනත් දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

Sri Lanka Politician Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines Decision Making
By krishani Jan 05, 2024 11:56 AM GMT
Report

විදුලි බිල අඩු කිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිඛිල සංශෝධනය කරන බවත් විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

විදුලි බිලට කුමක් වෙයි ද?. කරන්න යන දෙය ගැන රාජ්‍ය ඇමති කියයි.. විශ්‍රාම වැටුප් සහ අර්ථ සාධක ගැනත් දැනුම්දීමක් මෙන්න.. (PHOTO) | Electricity Prices In Sri Lanka

නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600 ට ආසන්න ප්‍රමාණයක් පුර්නර්ජනනීය බල ශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ ' ස්ථාවර රටකට සැවොම එක මඟකට ' මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ය.

විදුලි බිලට කුමක් වෙයි ද?. කරන්න යන දෙය ගැන රාජ්‍ය ඇමති කියයි.. විශ්‍රාම වැටුප් සහ අර්ථ සාධක ගැනත් දැනුම්දීමක් මෙන්න.. (PHOTO) | Electricity Prices In Sri Lanka

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"2023 වසරේ දී අප විදුලි බල ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට කටයුතු කළා. පැවති විදුලි බල පනතේ අඩු පාඩු සකස් කර පාරිභෝගිකයන් හට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයේ නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂාව සහ නියාමනයට අදාළ කරුණු නව පනතට ඇතුලත් කරමින් තිබෙනවා.

ඒ වගේම විදුලිබල උත්පාදනයේ දී පුර්නර්ජනනීය බල ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව 70%ක විදුලි බලයක් පුර්නර්ජනනීය බල ශක්තියෙන් උත්පාදනය කිරීමට ඉලක්ක කරමින් ජනන සැලැස්ම සකසා තිබෙනවා.

එම සැලැස්මට අනුව 2024 වසරේ දී අප මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුර්නර්ජනනීය බල ශක්තියෙන් ලබා ගැනීමට කටයුතු කරනවා.

ඒ වගේම සුර්ය පැනල ඉදිකිරීම අප අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මෙගා වොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා කඩිනම් සැලැසුමක් ක්‍රි යාත්මක කිරීමට අප අපේක්ෂා කරනවා.

මන්නාරම, පුනරින් සහ හම්බන්තොට ප්‍රදේශ සඳහා විශාල ව්‍යාපෘති රැසක් ජනන සැලැස්මට එක් කර තිබෙනවා. එමෙන්ම ජල විදුලිය, සූර්ය බලය සහ සුළං බලය භාවිතා කරමින් පුනර්ජනනීය බල ශක්තිය නිෂ්පාදනය කර විදුලි බල තවත් අඩු කිරීම අපගේ අරමුණයි.

විදුලි බිල අඩු කිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබෙනවා. මේ මාසය අවසන් වීමට පෙර හෝ ලබන මස මුල් සතියට පෙර විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම 2024 වර්ෂයේ දී අප බලාපොරොත්තු වන ඉලක්ක සඳහා ගමන් කිරීම අපගේ අරමුණයි.

විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙනවා.

ඒ වගේම සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිතයි. විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මකයි."

Sponsored By Sarrita Jewellery




Gallery