වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍යය සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවයි..
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබල සැපයුමට බාධා කරමින් වර්ජනය කළ සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.
එම සේවකයන්ගේ තොරතුරු තම අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙසයි, ලිපියක් යොමුකරමින් ඔහු විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී තිබුණේ.
අමාත්‍යාංශය වෙත පසුගිය 3, 4 සහ 5 දිනවලදී ඇතැම් සේවකයින් ගෙනගිය වර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් පවත්වාගෙන යෑමට බාධා එල්ලවූ බවට මහජන පැමිණිලි ලැබී තිබුණා.
විශේෂයෙන් ගෙවීම් කවුලු වසා දමමින් මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් මොවුන් කටයුතු කර ඇති බවටයි අදාළ පැමිණිලිවල දැක්වුණේ. පැවති තත්වය මත පසුගිය දෙවනදා සිට සියලුම විදුලි සේවකයින්ගේ නිවාඩුද අවලංගු කර තිබුණා.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන