වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩුවෙයි.. අඩු වෙන විදිය මෙන්න...
විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය කරන දත්ත විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට මේ වනවිට ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අරුන්දික මහතා පවසනවා.
ලබන මාසය ආරම්භයට පෙර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු හෙවත් මිලේ සංශෝධනයක් ගෙනඒමට කටයුතු කරන බවයි විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අරුන්දික මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
උපුටා ගැනීම.
"මට ප්‍රතිශතය මෙතන කියන්න බැහැ. එහි සම්පූර්ණ වගකීම තියෙන්නේ මහජන උපයෝගීතා කොමිසමට. අපි පෙන්වන ඉලක්කමත් ඒ ඉලක්කමත් අතර පරස්පරතා තිබුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. දැනෙන අඩු කිරීමක් කරන්න පුළුවන් වෙයි. අඩු කරලා ආයේ පායද්දි වැඩි කරන්නත් නෙමෙයි. ඒක අඛණ්ඩව ගෙනියන්න පුළුවන් සැලැස්මක්.."
"අපි විසින් ලබාදුන් දත්ත මහජන උපයෝගීතා කොමිසම දින 20කට ආසන්න කාලයක් පරීක්ෂා කරනවා. ඒ නිසා අපි හිතනවා ලබන මාසයේ පළවෙනි සතිය වෙන්න කලින් අපිට මිල සංශෝධනය ලබාදෙන්න පුළුවන් කියලා."
Sponsored By Sarrita Jewellery