විදුලි බිලේ සංශෝධනයක්.. - පොකට් එකට දැනෙන ගාණකින් ද?.

By krishani May 01, 2024 01:02 PM GMT
Report

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

විදුලි බිලේ සංශෝධනයක්.. - පොකට් එකට දැනෙන ගාණකින් ද?. | Electricity Bill In May 2024

ඒ මැයි මාසයේ දී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව ය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

විදුලි ගාස්තු සංශෝධනයක් මෙම මාසයේ දී සිදුකිරීමට නියමිත බවත්, ඒ අනුව අදාළ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) යොමු කරන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

හෙට වැහෙන බාර් ආයෙම ඇරෙන්නෙ කවද්ද දන්නව ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..

හෙට වැහෙන බාර් ආයෙම ඇරෙන්නෙ කවද්ද දන්නව ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..


එමෙන්ම, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා විදුලිබල පද්ධතියට එක්වන මෙගාවොට් 120ක ප්‍රතිලාභය තුළින් ජනතාවට සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක් කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රාත්‍රී කාලයේ එම ප්‍රමාණයේම විදුලිය නිපදවීමට යොදා ගන්නා ඩීසල් පිරිවැය කපා හැරිය හැකි බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.