විදුලි ගාස්තුව තවත් ඉහළට..? ගාස්තු සංශෝධනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines
By Sewvandhi Mar 04, 2024 09:03 AM GMT
Report

අද (04) පස්වරුවේ රැස්වී, විදුලි ගාස්තු අඩුකිරීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

වාර්තාවන්නේ, විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් නිවැරදි ලෙස දත්ත ලබානොදීම නිසා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මහජන උපයෝගීතා කොමිසමට මෙතෙක් හැකිවී නොමති බවයි.

පසුගිය මස 28 වනදා පැවති මහජන උපයෝගීතා කොමිෂන් සභා රැස්වීමේදී,  විදුලිබල මණ්ඩලය විසින් ලබාදුන් නව ගාස්තු සංශෝධන යෝජනාව මුල්වරට සාකච්ඡාවට බඳුන් වුණා.

මේ අතර පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ වැඩි කළ ප්‍රතිශතයෙන්ම මීළඟ සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය මස 21 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ආගමික ස්ථාන හා ගෘහස්ථ විදුලි ගාස්තුව 18% කින්ද කර්මාන්ත ශාලා සහ හෝටල් සඳහා 12% කින්ද ගාස්තු අඩු කිරීමට යෝජනා කර තිබුණා.

රජයේ සහ පොදු කාර්යන් සඳහා 24% කින් ඉහළ දැමූ ගාස්තුව අවම වශයෙන් එම ප්‍රමාණයෙන්ම පහත දැමීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

මේ අතර අද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවිය හැකි බවට රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා. කෙසේ වෙතත් එම සංශෝනයේදී ඉන්ධන මිලහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.