යළිත් වතාවක් විදුලි බිල ඉහළට..? විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්..!
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By Sewvandhi
මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් තම කොමිසම වෙත අනුමැතිය සදහා බාර දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව සඳහන් කරයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් මාධ්‍ය විසින් එවැනි යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවට වාර්තා කර තිබුණද අද (08) දක්වා එවැනි යෝජනාවක් තම කොමිසම වෙත ලැබී නොමැති බවය.
Sponsored By Sarrita Jewellery