විද්‍යුත් වාහන ගැන පර්යේෂණයකින් හෙළි වූ දේ - වාහන කර්මාන්තයේ නවතම පෙරළිය
ඉන්දියාවේ විද්‍යුත් වාහන කර්මාන්තය 2030 වන විට වාහන මිලියන 10 ඉක්මවා යනු ඇති බවට විදෙස් මාධ්‍ය පුරෝකථනය කර තිබෙනවා.
පසුගියදා නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව, මෙම කාලසීමාව අවසන් වන විට මගී ප්‍රවාහනය සඳහා විදුලි වාහන භාවිතා කිරීම සියයට 10 ක් පමණ වනු ඇති අතර, එය මුළු විදුලි වාහන අලෙවියෙන් 5% ක් පමණ වනු ඇති බව සඳහන්.
අධ්‍යයනයට අනුව, විද්‍යුත් වාහන ආරෝපණය කර ගැනීම සඳහා 2030 වන විට ඉන්දියාවට ආසන්න වශයෙන් 800 GWh බැටරි ධාරිතාවක් අවශ්‍ය වනු ඇති.
මෙම ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා, ඉන්දියාව රට තුළ ලිතියම්-අයන සෛල නිෂ්පාදනය කිරීමේ සැලසුම් වේගවත් කරමින් සිටින අතර, රාජ්‍ය සහනාධාර වශයෙන් ඩොලර් බිලියන 2.3 ක් සහ ආයෝජන මගින් ඩොලර් බිලියන 7.5 ක් වැය කිරීමට අපේක්ෂා කරනවා.
ඉන්දියාවේ විද්‍යුත් වාහන කර්මාන්තයට 2030 වන විට ඩොලර් බිලියන 20 ක පමණ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත හැකි බවටද විශ්වාසය පළවී තිබෙනවා. ආසියාවේ විද්‍යුත් වාහන නිෂ්පාදනයෙන් ඉන්දියාව දෙවනි වන්නේ චනයට පමණයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |