වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ තීරණයක් ගනී..

Government Employee Ceylon Electricity Board Kanchana Wijesekera
By Aruna Jan 03, 2024 03:59 AM GMT
Report

නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සේවා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන 2024 පෙබරවාරි 02දා සිට නැවත දැනුම් දෙන තුරු මෙම නිවාඩු අවලංගු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එසේ වුවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට/අංශයට අනුයුක්ත පළමු පංතියේ හෝ ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින් හට නිවාඩු ලබා ගත හැකි බවයි .

Sponsor By - Sarrita Jewellery