විදුලි බිල අඩු කිරීම ගැන රටටම සුබ ආරංචියක්..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Public Utilities Commission of Sri Lanka
By Aruna May 05, 2024 05:37 AM GMT
Report

විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ, එය මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවටයි.

ඉන් අනතුරුව , මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන දත්ත මත පදනම්ව ගාස්තු තීරණය කරනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව, මෙම ගාස්තු සංශෝධනය ජුනි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

පසුගියදා විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කර තිබුණේ, ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට මෙහි දී යෝජනා කරන බවටයි.

කොමිසමේ එකඟතාවය මත මෙම විදුලි සහනය ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

කෙසේ වෙතත් ගාස්තු සංශෝධනය සිදු කරනු ලබන්නේ කවද්ද යන්න නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

එම අමාත්‍යංශය සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය එහි වියදම් ගණනය කිරීමේ යෝජනාවක් සකස් කරමින් සිටින බවයි.