විදුලි බිල විශාල ප්‍රමාණයකින් අඩු කිරීම ගැන ආරංචියක්..මණ්ඩලයේ ලාභය රුපියල් බිලියන 60ක්..

Dinesh Gunawardena Ceylon Electricity Board Sri Lanka Electricity Prices Kanchana Wijesekera TN Weather
By Aruna Jan 16, 2024 05:39 AM GMT
Report

විදුලිබල මණ්ඩලය මේ වනවිට ලාභ ලබන බැවින් ඉකුත් ඔක්තෝබර් මාසයේ සිදුකළ විදුලි බිල සංශෝධනය ශුන්‍ය වන අයුරින් යළි විදුලි බිල සංශෝධනයක් සිදු කර ජනතාවට සහන සැලසීමට හැකියාවක් පවතින බව බලශක්ති විශ්ලේශක විදුර රළපනාව මහතා අවධාරණය කරනවා.

විදුලි අය කිරීම ඇත්තේ එලෙස අධික ලාභ ඉපැයීමට නොවන බැවින් වියදමට අනුපාතික ආදායමක් ලැබෙන ලෙස විදුලි අය ක්‍රමය සංශෝධනය කළ යුතු ඒ මහතා පවසන්නේ.

ඒ අනුව විදුලි බල මණ්ඩලය පසුගිය දෙසැම්බර් 31 වන විට ලැබූ ලාභය රුපියල් බිලියන 65ක් වන බවත්, මේ වන විට ජල විදුලි බලය නිශ්පාදනය ඉහළ ගොස් තිබෙන බැවින් විදුලි බලය නිපද වන ජලාශ 95%කටත් වඩා පිරී ඉතිරී ගොස් ඇති බැවින් ලබන මැයි මාසයන් වන විට විදුලි බල මණ්ඩලයේ ලාභය රුපියල් බිලියන 100 ක් පමණ අනුමාන කළ හැකි බව විදුර රළපනාව මහතා පවසනවා.

මේ අතර, පසුගිය කාලසීමාවේ ඇද හැලුනු මහ වැසි හේතුවෙන් විදුලිබල මණ්ඩලයට අයත් ජලාශවල ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බැවින්, ඉන් තවත් මාස තුනක පමණ කාලයක් ජල විදුලි නිෂ්පාදනය සිදුකළ හැකි වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණා.

ඒ අනුව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ, ලංකා විදුලිබල පනතේ හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන අනුව ගාස්තු සංශෝධන යෝජනාව පිළිබද පියවර ගන්නා බවයි එවන් පසුබිමක් තුළ මෙම මාසය තුළදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවනු ඇති බවයි බලශක්ති විශ්ලේශක විදුර රළපනාව මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් කියා සිටියේ සැමවිටම ජනතාවට සහනයක් ලබාදිය හැකි මොහොතක එය ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කරන බවයි.

Sponsored By Sarrita Jewellery

විදුලි බිල විශාල ප්‍රමාණයකින් අඩු කිරීම ගැන ආරංචියක්..මණ්ඩලයේ ලාභය රුපියල් බිලියන 60ක්.. | Electric Bill Less