විදුලි ගාස්තුව විශාල ගණනකින් අඩු කරයි..? මණ්ඩලයට ඉතිහාසගත ලාභයක්..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Technology
By Aruna Jan 07, 2024 04:42 AM GMT
Report

පිරිවැය පියවා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තුව ඉකුත් වසරේ දී (2023) තුන්වරක් ම සංශෝධනය කරමින් අවසන් වරට අගෝස්තු 09 වැනිදා වැඩි කළ පසු ලංවිම මේ වන විට රුපියල් කෝටි අටදහසකට(8000) වඩා ලාභයක් වාර්තා කර තිබෙනවා.

මණ්ඩලය ලබන රුපියල් කෝටි 1800ක පාඩුව පියවා ගැනීමට යැයි කියමින් ඉකුත් වසරේ අගෝස්තු 09 වැනිදා තුන්වැනි වරටත් විදුලි ගාස්තුව ඉහළ දමනු ලැබුවා.

ඉංජිනේරුවෝ පවසන්නේ, එම ගාස්තු ඉහළ දැමීමෙන් පසුව දිගින් දිගටම වැසි ලැබීම නිසා ජල විදුලිය වැඩිපුර නිපදවා ගැනීමට හැකිවීමත්, සියයට එකසිය හතළිස් හතක පමණ අති විශාල ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමීමත් නිසා මණ්ඩලය මේසා විශාල ලාභයක් ලැබූ බවයි.

මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවට විදුලි බිල් ගෙවා දැමීමට නොහැකිවීමත්, මාසයක් ගෙවුණු පසු රතු බිල් නිකුත් කිරීමත් නිසා සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට අසූවකට ම රතුබිල් ලැබෙන බවත් ඔවුහු පවසයි.

Sponsored By Sarrita Jewellery