මැතිවරණ කොමිසමෙන් විශේෂ කැඳවීමක්..!

Election Commission of Sri Lanka Sri Lanka Sri Lankan local elections 2023
By Sewvandhi Feb 09, 2023 03:26 AM GMT
Report

 දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව තිබේ. මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන් බවය.

කෙසේවෙතත් අදාළ දැනුම්දීම සම්බන්ධයෙන් මෙතෙක් මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව නිමල් ජි.පුංචිහේවා මහතා සඳහන් කළේය.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now