මැතිවරණ කොමිෂන් සභාව පුංචි ඡන්ද අපේක්ෂකයන් ගැන ගත් තීරණය..
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියකින් දැනුම් දෙමින් පවසා සිටියේ පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා ඒ යටතේ විවිධ සංවර්ධන කටයුතු සිදු කරන කමිටු වලට සම්බන්ධ කර නොගන්නා ලෙසයි.
මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් කොටසක් පමණක් කමිටුවලට පත් කිරීමෙන් අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවත් හා ඉන් මැතිවරණ නීති උල්ලංඝනය වන බවත් සදහන් කර ඇත.
තවද පක්ෂ ප්රවර්ධනය නොවන ආකාරයෙන් කමිටුවලට සාමාජිකයන් පත් කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ මුදල් යොදා ගනිමින් මහජනතාවගේ සුභසාධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධත්වයක් නොමැති බවත් එම ලිපියෙහි සඳහන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් පවසනුයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කර නොමැති බැවින් එය තවමත් බලාත්මක බවයි.