පළාත් පාලන මැතිවරණය පවත්වන දින වකවානු දැනුම් දෙයි

Election Commission of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Aruna Sep 02, 2022 03:44 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළා.

පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය.

මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බවද නීතිඥ පුංචිහේවා මහතා කීය.

ඡන්ද හිමි නාම ලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි ඔහු කියා සිටියේ.

ගිය වර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් මිලියන 5ක මුදලක් වැය වූ අතර මෙවර එම මුදල මිලියන අටත් දහයත් අතර වනු ඇතැයි විශ්වාස කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now