බිත්තර මිල තවත් පහළට..

Food Shortages Mahinda Amaraweera Ministry of Agriculture Egg
By Sewvandhi Jan 15, 2024 04:52 AM GMT
Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ, ඉහළ ගොස් ඇති බිත්තරයක මිල ඉදිරියේ දී තවදුරටත් අඩුවන බවයි.

අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු මේ බව සඳහන් කළා.

රුපියල් 65ක සීමාව දක්වා ඉහළ ගිය බිත්තරයක මිල මේ වනවිට 50ත් 55ත් අතර සීමාවට පැමිණ තිබෙනවා.

මේ අතර, 2024 වසරේත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (13) ඇඹිලිපිටිය - බරවකුඹුක - කච්චිගල්ආර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.

ගං වතුරෙන් මහ කන්නයේ වී වගාවට බලපෑමක් සිදුවුව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඩොලර් මිලියන 300 ක් වැයකරමින් 2022 වසරේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ආනයනය කෙරිණ. නමුත් පසුගිය වසරේ දී සහල් ආනයනය සිදු නොකිරීමට කටයුතු කළේ ය.

Sponsored By Sarrita Jewellery

බිත්තර මිල තවත් පහළට.. | Egg Price Changed Sri Lanka