ප්‍රභල රටවල් දෙකක් වසා ගත් අලුත්ම කොවිඩ් ප්‍රභේදය..! WHO වෙතින් දැනුම්දීමක්

COVID-19 United States of America China
By Sewvandhi Aug 10, 2023 10:29 AM GMT
Report

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ මේවන විට සංසරණය වන EG.5 කොරෝනා වෛරස් ප්‍රභේදය අවධානය යොමු කළ යුතු වෛරස් ප්‍රභේදයක් (Vaariant of interest) ලෙස නම් කර තිබේ.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ එය අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට වඩා වැඩි තර්ජනයක් මහජන සෞඛ්‍යයට එල්ල නොකරන බවයි.

එසේ වුවත් සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත EG.5 කොරෝනා වෛරස් ප්‍රභේදය මේවන විට අමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා රැල්ලක් ඇති කර ඇති අතර එරට කොරෝනා ආසාදිතයන්ගෙන් 17%ක්ම EG.5 ආසාදිතයන් බව වාර්තා වේ.

ඊට අමතරව චීනය, දකුණු කොරියාව, ජපානය සහ කැනඩාව ඇතුළු රටවල් රැසකින් දැන් EG.5 කොරෝනා ආසාදිතයන් වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය EG.5 කොරෝනා ප්‍රභේදයේ අවදානම පිළිබඳව ඇගයීමක් සිදුකර පෙන්වා දෙන්නේ එය දැනට පවතින ඔමික්‍රොන් අනුප්‍රභේදයන්ට වඩා අතිරේක තර්ජනයක් එල්ල නොකරන බවය.

කොවිඩ් -19 ගෝලීය වසංගතයෙන් ලොව පුරා 69 ලක්ෂයක් ජනතාව ජීවිතක්ෂයට පත් වූ අතර ආසාදිතයන් මිලියන 768ක් වාර්තා වුණි.

2020 වසරේ මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කළ අතර එම අවදානම ඉවත් කෙරුණේ මේ වසරේ මැයි මාසයේදි ය.