සියලු පාසල් දරුවන් සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න..අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්..

Ministry of Education Sri Lanka
By Aruna Mar 09, 2023 03:16 AM GMT
Report

චීන රජය විසින් මෙරටට ලබාදෙන පාසල් නිල ඇඳුම් ප්‍රදානය මේ වනවිට සම්පූර්ණයෙන්ම ලැබී අවසන් වී ඇති බවත්, ඒ අනුව කඩිනමින් නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අවසන් නිල ඇඳුම් රෙදි තොගය ලක් රජයට බාරදීම මෙරට චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණු අතර, ඊට එක්වෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර, චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවීන් සඳහා නොමිලේ ලබාදුන් ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (08) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙක්ටයාරයක් සඳහා ඩීසල් ලීටර් 15ක් ලබාදීමට නියමිත යි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.