මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනසක්?. ලබන 07 වෙනිදා කරන්න යන දෙය..

Education Latest Headlines Decision Making
By krishani Feb 27, 2024 10:07 AM GMT
Report

පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීමට නව අධ්‍යාපන ප්‍රකාශන සකසා තිබෙනවා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනසක්?. ලබන 07 වෙනිදා කරන්න යන දෙය.. | Education In Sri Lanka

එය ලබන මස 7 වනදා එළිදැක්වීමට නියමිතයි.

මේ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ ළමයින් සඳහාවන, පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී ය.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනසක්?. ලබන 07 වෙනිදා කරන්න යන දෙය.. | Education In Sri Lanka

මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ අධ්‍යාපන සහ සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ අධීක්ෂණය හා අනුමැතිය යටතේ පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ අල්ප දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශන සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙහි පළමු අදියර යටතේ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, ඊ ප්‍රකාශන ලෙස ලබා දීමට යෝජනා කර ඇත.