"ඔය ඉන්නෙ මම..ඉනට අත තියාන.".පිටිපස්සෙන් තියෙන්නෙ.##..ය අද නාන ගමන් හොදට බලන්න.(PHOTOS)

Ministry of Education Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Dec 06, 2022 06:26 AM GMT
Report

සාමාන්‍යයෙන් ලංකාවේ පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනය කියන දේ එක් කළ සැණින් එය සමාජයේ ආන්දෝලනාත්මක කතාබහට හේතු කාරණා වුණා.

ආධ්‍යාපන අමාත්‍යංශය විසින් ලිංගික අධ්‍යාපනය සඳහා නිර්දේශ කළ විවිධ පොත් පවා විවිධ පුද්ගලයන් විසින් දෝෂ දර්ශනයට ලක් කළා.

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය කියන දෙය පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය බව නූතන ලෝකයේ සියල්ලන්ම පිළිගන්නා කාරනාවක්.

එක්තරා වෛදවරියක් ලිංගික අධ්‍යාපනය පිළිබඳව පාසල් දරුවන්ට කළ වැඩමුළුවක් ගැන දීර්ග සටහනක් ඇඝේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.

ඒ එහිදී ගත් ඇගේ සේයාරුවක්ද සමඟින්. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප....

පොඩි ප්‍රශ්නයක් තියනවා අහන්න. මිනිහෙක් ගෑනුද පිරිමිද කියල අදුනා ගන්නෙ කෝමද?

බාහිර ලිංගික අවයවයෙන්. මන් නිකන් ඇහුවා ඒ ජාතියෙන් ජාති කීයක් තියනවද කියල ලිංගික අවයව. දෙකයි.

මොනාද ඒ. ස්ත්‍රී ලිංගෙයි පුරුශ ලිංගෙයි. නම් නැද්ද ඒවාට! කියන්න ලැජ්ජයි.

ඒවාට කියන නම් කුණු හරුප කියල හිතාන වචන පිටවෙන්නෙ නැති දරුවො එයාලා ශිශ්නෙට ශිශ්නෙ කියන්නයි යෝනියට යෝනිය කියන්නයි ලොකු චිත්ත ශක්තියක් ඕන එයාලට.

මේවා සිංහල ඉස්කෝලෙ. ඔච්චරයි පාවිච්චි කරන්න පුලුවන් වචන දෙක සිංහලෙන් විද්‍යාවෙන් හා වෛද්‍ය විද්‍යාවෙන්.

හා කියන්න බලන්න ඔය ජාති දෙකම කවදා හරි දැකල තියන අය. එකෙක්වත් අත උස්සන්නෙ නෑ. මන් ප්‍රශ්නෙ වෙනස් කරා.

එක ජාතියක ලිංගික අවයවයක්වත් දැකපු අය අත උස්සන්න. ඒකත් දැකල නෑ සමහරු. අද ගෙදර ගිහින් නාන ගමන් බලන්න.

ආය මන් ප්‍රශ්නෙ වෙනස් කරා. ජාති දෙකම කවදාවත් දැකල නෑම කියන අය අත උස්සන්න බලන්න.

හැමෝම නිකන් හිටියා එයාලා කාගෙන් හරි ඒක දැකල තියනවා.

එ කියන්නෙ මෙයාලා හරි වල්.. නෑ ඒ දරුවො නංගිලා මල්ලිලා චූටි බබාලා ඕන තරම් නිර්වස්ත්‍රව දැකල තියනවා.

ලිංගික අවයව හැමෝටම තියනවා. වැඩේ හරි ලේසියි. රූප නැතිවත් ලිංගික අධ්‍යාපනය දෙතෑකි.

පෙල පොතේ රූප විතරක්මත් ප්‍රමානවත්. කොයි විදිහට වත් අයිති වෙන්නෙ නැතිව හරියට බාහිර ලිංගික අවයව හැදුනු නැති අයත් ඉන්නවා.

ඒ අතින් ඔයාලා හරි වාසනාවන්තයි. අඩු පාඩුවක් නැතිව ඒක තියනවා . බාගෙට හැදුනු ලිංගික අවයව ගැන කියද්දි හිනා වේගෙන ආපු මූණු සීරියස් වෙනවා.

කෙනෙක්ගෙ අඩු පාඩුවකට හිනා වෙන්න ඕන නෑ කියන දේ ලමයි ඉගෙන ගත්තා මන් හිතන්නෙ.

කැමැත්තෙන් මිනිස්සු අඩුපාඩු හදාගන්නෑ. අතක පයක අඩු පාඩු එනව වගේ බාහිර ලිංගික අවයව විකසනය වෙන එක අඩු පාඩු සහිතව වෙන්න පුලුවන්.

ඒත් එයාලගෙ අනික් පද්දති සාමාන්‍ය සමාන විදිහටමයි.

කන්නෙ සාමාන්‍යයෙන් සමානව බොන්නෙ සාමාන්‍යයෙන් සමානව අපි හිනාවෙනකොට දුක දැනෙන්නෙත් සාමන්‍යයෙන් අපිට වගේම සමානව ඒ නිසා, සමානව සලකන්න...............

ඔය ඉන්නෙ මම.ඉනට අත තියාන. පිටිපස්සෙ තියෙන්නෙ ප්‍රජනක පද්දතිය.

මගෙ - ඔයාලගෙ අම්මගෙ- ඔයාලගෙ නංගිගෙ- ඔයාලගෙ ආච්චිගෙ

2022.11.25

වෛද්‍ය කේ.එස් හෙන්දවිතාරන

#ලිංගික_අද්දියාපනේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery