"..ජුනි මාසයෙන් පසු රටට වෙන්න යනදේ ගැන ජනතාව තවමත් දන්නේ නෑ.." - ආර්ථික විශේෂඥයෙකුගෙන් භයානක හෙළිදරව්වක්..!

Sri Lanka Gotabhaya Rajapaksha IMF economic crisis Dumindha Hulangamuva
By Sewvandhi Apr 07, 2022 10:37 AM GMT
Report

මේ රටේ බහුතරයක් ජනතාවට තවමත් රට තුළ ඇති දරුණු තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ජුනි මාසයෙන් පසු රටම අඳුරේ සිටීමේ දැඩි අවදානමක් ද මතුව ඇති බවය.    

"මම දන්නේ නෑ අපේ රටේ ජනතාව දන්නවා ද කියලා මේ වෙනකොට තිබෙන දරුණු බව. අපි IMF සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්තම් මූල්‍ය උපදේශකයෙකු පත්කරලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක කඩිනමින් කරන්න හම්බවෙන්නේ නෑ."

"ජුලි මාසයේ අපි අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් අපේ සංචිතවලින් තමයි."

"ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ කිසිම ආනයනයක් නොකර අපේ ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න."  

"එතකොට මේ රටේ බෙහෙත් නෑ, විදුලිය නෑ, තෙල් නෑ, ගෑස් නෑ."   "ඉන්දියාවෙන් එන තෙල් පිට මැයි අග වෙනකම් යයි. ඊට පස්සේ අපි තෙල් ලබාගන්නේ කොහොමද?"

"තත්ත්වය ඉතාම උග්‍රයි බරපතළයි." "IMF සමග සාකච්ඡා කරන්න මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ.. රජයක් තියෙන්න ඕනේ." 

"අපි කඩිනමින් පියවර ගත්තේ නැත්තම් ජුනි මාසයෙන් පස්සේ මුළු රටම අඳුරේ ඉන්න පුළුවන්."

"අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව බිලියනයක් නෙමෙයි මිලයන 100ක් වත් ගෙවා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ."   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now