උත්සව සමයේ භාණ්ඩ මිලට මොකද වෙන්නේ..? ආනයනකරුවන් කියන කතාව..
China
Sri Lanka
Harbor
economic crisis
Nihal Senevirathna
By Sewvandhi
වරායේ සිරවී ඇති බහාලුම් නිදහස් කර ගැනීමට හැකි වුවහොත් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවනු ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
වරායේ මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාලුම් 1,500 ක් පමණ සිරවී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ.
මේ අතර , ඩොලරයේ අගය මත උත්සව සමයේ භාණ්ඩ මිල තීරණය වනු ඇති බව ද ඔහු සඳහන් කළා.
එමෙනම,ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද හමුවේ, එය සාර්ථකව ජය ගැනීමට කෙරෙන උපකාරයක් වශයෙන් මෙරට ජනතාවට සහල් ටොන් 2000ක් තෑගි කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.
ඊයේ (25) පස්වරුවේ එම තීරණය චීන රජය විසින් ගෙන ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |