ප්‍රබල භූ කම්පන තත්ත්වයක්..
Indonesia
Earthquake
By krishani
ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුතුව යි.භූ කම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සුනාමි අවදානමක් සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ ද පසුව එය ඉවත් කර ඇත.
අද දිනයේ ඉන්දුනීසියාවේ හටගත් දෙවන භූ කම්පන තත්ත්වය මෙය වේ. උදෑසන කාලයේ දී රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ද හටගෙන ඇති අතර කෙසේවෙතත් මෙම භූ කම්පනයන් හේතුවෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |