සුනාමි අනතුරු ඇඟවීම ගැන නිකුත් කළ අලුත්ම නිවේදනය මෙන්න.(UPDATE)

Tsunami Sri Lanka India Earthquake
By Aruna Dec 30, 2023 06:03 AM GMT
Report

Update 

අද (30) උදෑසන කාලයේ ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන් කර තිබේ.

මීට අදාල නිවේදනය පහතින්,

සුනාමි අනතුරු ඇඟවීම ගැන නිකුත් කළ අලුත්ම නිවේදනය මෙන්න.(UPDATE) | Earthquake Indian Ocean Tsunami Risk

....................................................................

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමක්..?

ඉන්දියන් සාගරයේ මීට ටිකවෙලාවකට පෙර ප්‍රබල භූ චලනයක් ඇති ව තිබෙනවා.

අද (30) පෙරවරු 10.49ට උතුරු සුමාත්‍රා මුහුදේ  මෙම ප්‍රබල භූ කම්පනය සිදු ව තිබෙන බවයි වාර්තා වන්නේ.

එ‍ය රික්ටර් මාපකයේ ඒකක 6.6ක් ලෙස සටහන් වී ඇති බවයි , , ඉන්දුනීසියානු භූ විද්‍යා අංශ සඳහන් කළේ. 

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් පසු වන්නැයි.

මීට අදාලව නිකුත් කළ නිවේදනය පහතින්,

තවත් ප්‍රබල භූකම්පනයක් ගැන දැනුම්දීමක්..සුනාමි අවධානමක් ගැනත් විමසිල්ලෙන්..

තවත් ප්‍රබල භූකම්පනයක් ගැන දැනුම්දීමක්..සුනාමි අවධානමක් ගැනත් විමසිල්ලෙන්..



GalleryGallery