වෙරළ බඩ ප්‍රදේශ කළඹමින් තවත් භූමිකම්පාවක්..පොළොව යටින් විශාල ශබ්දයකුත් ඇසෙයි..
එංගලන්තයේ ග්‍රේට් යර්මූත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 3.7ක් ලෙස දැක්වුණු භූමිකම්පාවකින් නොර්ෆොක් අවට ප්‍රදේශය කැළඹී ගියා.
මෙම භූමිකම්පාව සිදුවූයේ එසෙක්ස් ප්‍රදේශයේ නිවැසියන්ට 'බෝම්බයක් පුපුරනවා වැනි ශබ්දයක්' සමග ඇති වූ රික්ටර් මාපක 2.6 ක භූකම්පනයෙන් දින කිහිපයකට පසු යි.
ඉරිදා පෙරවරු 7.14 ට පමණ උතුරු මුහුදේ වෙරළ තීරයට සැතපුම් 56 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.7ක් ලෙස දැක්වුනු මෙම කම්පනය කිලෝමීටර් දහයක පමන ගැඹුරකින් යුක්ත වූනා.
මෙම කම්පනය සෑම වෙරළබඩ ගම්මානයකම පදිංචිකරුවන්ට දැනී ඇති බව වාර්තා වනවා. මේ අතර බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද භූ කම්පන ක්‍රියාකාරකම් මෙන්ම එහි නිශ්චිත ස්ථානය තහවුරු කිරීම සඳහා ට්වීටර් පණිවිඩයක් නිකුත් කළා.
නිවැසියන් පැවසුවේ ඔවුන්ගේ නිවාස සෙලවෙන බව ඔවුන්ට දැනුණු බවයි.
තවත් සමහරු එම කම්පනය විස්තර කළේ 'බෝම්බයක් වැනි ශබ්දයක්' සහ 'අපේ නිවස යටින් යන භූගත ශබ්දයක්' ඇසුනු බවයි.
එක් නිවැසියෙක් බීබීසී සේවය වෙත පැවසුවේ 'අද උදෑසන පහට පමණ ඉතා විශාල පිපිරුම් ශබ්දයක් ඇසුනු අතර මාත් මගේ පුතාත් ඇඳෙන් බිමට වැටුනු අතර අපි දෙදෙනාම සිදුවූ දේ තේරුම් ගත නොහැකිව එකිනෙකා දෙස බලා සිටියා යනුවෙනුයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |