තුර්කි භූමිකම්පාවෙන් මිය ගිය ගණන 20000 පනී..මැයි 14 වෙනදෙයක් ගැනත් කියයි..
ඉකුත් සඳුදා (06) තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය ගණන මේ වන විට 20,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ නමුත් අදාල ව්‍යසනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ව්‍යසනයේ පූර්ණ හානිය පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් තවමත් සිදු කර නොමැති බවයි.
ව්‍යසනයෙන් පැය 100කට අධික කාලයක් ගෙවී ගියත් සුන්බුන් අතර සිරවූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වන්නේ.
මේ අතර තුර්කියේ හටායි හි (Hatay) කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි 2 හැවිරිදි පිරිමි ළමයෙකු පැය 79කට පසු බේරා ගැනීමේ පුවත සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල විශේෂ අවධානය යොමුව තිබෙනවා.
කෙසේ නමුත් එම වාර්තා වැඩිදුරටත් දක්වන්න්නේ නගරයේ ගොඩ ගැසී ඇති සුන්බුන් අතරින් තවත් බොහෝදෙනෙකු ජීවමානව සොයාගත හැකි බවයි.
මේ අතර රොයිටර්ස් පුවත් සේවය තුර්කි නිලධාරියෙකු උපුටා දක්වමින් පවසන්නේ මෙම ව්‍යසනය එළඹෙන මැයි 14 වැනි දිනට නියමිත තුර්කියේ මහා මැතිවරණය සඳහා විශාල බලපෑමක් ඇති බවත්, මෙමගින් දශක දෙකක කාලයක් බලයේ සිටි තායිප් එඩුවාන්ගේ දේශපාලන අනාගතයට තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි බවයි.
මේ වන විට විපතට පත් වූවන් සඳහා ආධාර බෙදා හැරීම සහ ගලවා ගැනීම් මෙහෙයුම්වල පවත්නා මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන් ජනතාව තුළ මතුව ඇති කෝපය ඉදිරි මැතිවරණයට දැඩි ලෙස බලපානු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |