තුර්කියේ භූමිකම්පාවට මොහොතකට පෙර සත්ව ලෝකයේ සිදු වූ අරුම පුදුම වෙනස් වීම මෙන්න.(PHOTOS)

Earthquake Turkey Earthquake
By Aruna Feb 08, 2023 02:48 AM GMT
Report

තුර්කිය සහ සිරියාව සඳුදා අලුයම සිදු වූ ඉතා ප්‍රබල භූමිකම්පා මාලාවකින් කම්පනයට පත්ව තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අටදහසකට වැඩි පිරිසක් මරණයට පත්වී බොහෝ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් විනාශ වී මහත් හානියක් සිදුවී ඇත.

මෙය බලපා ඇත්තේ දකුණු තුර්කියට හා සිරියාවේ උතුරුදිග ප්‍රදේශයටයි. බොහෝ දෙනා නිදා සිටියදී හිමිදිරි පාන්දර භූමිකම්පාව ඇති විය.

රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවේ මාධ්‍යය තුර්කියේ ගසියාන්ටෙප් නගරය සැලකේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ, රික්ටර් මාපකයේ 7.8 ක කම්පනය දේශීය වේලාවෙන් පස්වරු 04:17 ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.47ට පමණ) ගාසීඅන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී ඇති ව ඇති බවයි.

භූමිකම්පාව සිදු වූ අවස්ථා සහ ඉන් පසුව ඇති වූ විනාශය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල විවිධ ස්ථානවල හුවමාරු වී තිබේ.

මේ මහත් ව්‍යසනය නිසා කලාපයම කැළඹීමට මොහොතකට පෙර “කුරුල්ලන්ගේ අමුතු හැසිරීම්” පෙන්වන එක් වීඩියෝවක් ට්විටර් හි සංසරණය වෙමින් පවතී.

එහි පෙනෙන්නේ ගසක සිටි කුරුලු රෑනක් මහත් කලබලයෙන් එහාට මෙහාට පියාඹන අයුරුය.

එසේම අධිවේග මාර්ගයක් යන වාහනයක සිටි අයෙක් පටිගත කළ වීඩියෝවක ද කුරුල්ලන් දහස් ගණනක් මහත් කලබලයෙන් එහාට මෙහාට පියාඹනු පෙනේ.

මෙය දකින විට අපට මතක්වන්නේ සුනාමියට පෙර යාල කැලේ සතුන් හැසිරුණු ආකාරයයි.

භූමිකම්පාවලට පෙර වෙනත් සතුන් සමඟ කුරුල්ලන් අසාමාන්‍ය හැසිරීම් ප්‍රදර්ශනය කරන ලද බවට නොයෙක් කතා වාර්තා තිබේ.

සමහරු පවසන්නේ භූ කම්පන ක්‍රියාකාරකම්වලට පෙර මාළු පවා අසාමාන්‍ය හැසිරීම් පෙන්වන බවයි.

කුරුල්ලන්ට හෝ වෙනත් ඕනෑම සතෙකුට භූමිකම්පා ගැන ස්ථිරව හා නිවැරදිව පුරෝකථනය කළ හැකිය යන අදහස සඳහා සීමිත විද්‍යාත්මක සාක්ෂි තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනයට අනුව භූමිකම්පාවකට පෙර අසාමාන්‍ය සත්ව හැසිරීම් පිළිබඳව අපට ඇති මුල්ම සඳහන ක්‍රි.පු 373 දී ග්‍රීසියෙන් ය.

විනාශකාරී භූමිකම්පාවකට දින කිහිපයකට පෙර මීයන්, වල්පැලෑටි, සර්පයන් සහ සෙන්ටිපීඩයන් තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා ගිය බව වාර්තා වේ.

භූමිකම්පාවකට පෙර ඕනෑම තැනක අමුතු හැසිරීම් ප්‍රදර්ශනය කරන සතුන්, මාළු, පක්ෂීන්, උරගයන් සහ කෘමීන් පිළිබඳ සාක්ෂි ඕනෑ තරම් තිබේ.

ඇත්තෙන්ම තුර්කිය යනු ලෝකයේ වඩාත්ම සක්‍රීය භූමිකම්පා කලාපවලින් එකකි.

1939 දී නැගෙනහිර අර්සින්කාන් පළාතේ සිදුවූ භූමිකම්පාවෙන් 33,000 ක් මරණයට පත්විය.

1999 දී තුර්කියේ දුසී ප්‍රදේශය භූමිකම්පාවකට ගොදුරු වූ අතර එහිදී 17,000 කට වැඩි පිරිසක් මිය ගියහ.

මිලියන 16 ක ජනතාවක් වෙසෙන තුර්කිය විශාල භූමිකම්පාවකින් විනාශ කළ හැකි බවට විශේෂඥයින් දිගු කලක් තිස්සේ අනතුරු අඟවා තිබේ, එරට අවුල් සහගත නිර්මාණය කරන ලද නිවාසවලින් පිරී තිබේ.

සඳුදා භුමිකම්පාවෙන් ගොඩනැගිලි බිඳ වැටුණු ආකාරයෙන් එය පැහැදිලි විය. “කුරුල්ලන්ගේ අමුතු හැසිරීම්” ප්‍රචණ්ඩ භූමිකම්පා මාලාවකින් කඩා වැටුණු දහස් ගණන් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින අය ගලවා ගැනීම සඳහා තුර්කියේ සහ සිරියාවේ මෙහෙයුම් සිදුකරන්නන් අඟහරුවාදා ශීතල රාත්‍රිය පුරා සිය දෑතින් සුන්බුන් ඉවත් කරමින් සිටියහ.

තුර්කි සහ සිරියානු ආපදා ප්‍රතිචාර කණ්ඩායම් වාර්තා කරන්නේ පළමු භූමිකම්පාව ඇති වූ විට නිදා සිටින පදිංචිකරුවන්ගෙන් පිරී තිබූ බහු-මහල් නිවාස කුට්ටි ඇතුළුව, නගර කිහිපයක් පුරා ගොඩනැගිලි 5,600 කට වඩා සමතලා කර ඇති බවයි.

සිරියාවේ සිවිල් යුද්ධයෙන් අවතැන්වූ සරණාගතයින් වෙසෙන තුර්කි නගරයක් වන ගසියාන්ටෙප් හි, සුන්බුන් අතරින් ගලවා ගත් අය කෑ ගසමින්, හඬමින් ආරක්ෂාව පතා කෑ ගැසූ අතර, අනතුරු ඇඟවීමකින් තොරව තවත් ගොඩනැගිල්ලක් කඩා වැටුණි.

ආරම්භක භූමිකම්පාව ග්‍රීන්ලන්තය තරම් ඈතට දැනුණු අතර එහි බලපෑම නිසාම මේ විපතට පත්වූවන්ට ලෝකයේ බොහෝ රටවලින් ආධාර ගලා එමින් පවතී.

හිමපතනය සහ ශුන්‍ය උෂ්ණත්වය මෙහෙයුම් මන්දගාමී කර ඇතත්, යුක්රේනයේ සිට නවසීලන්තය දක්වා රටවල් දුසිම් ගණනක් ආධාර උපකාර යැවීමට පොරොන්දු වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ විපතින් 20,000ක් පමණ මිය යන්නට ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, සංඛ්‍යාව නොවැළැක්විය හැකි ලෙස ඉහළ යනු ඇතැයි බියක් පවතී.

තුර්කියේ මේ වන විට 14,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කර ඇති අතර සිරියාව පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 3,411 ක් තුවාල ලබා ඇති බවයි.

ගිනිකොනදිග තුර්කියේ කහරමන්මාරස් නගරයේ, ඇසින් දුටු සාක්ෂිකරුවන් ව්‍යසනයේ පරිමාණය නොහැකිව සිටී.

23 හැවිරිදි වාර්තාකාරිනියක් වන මෙලීසා සල්මාන් පැවසුවේ අපි මෙවැනි විපතක් අත්විඳින පළමු අවස්ථාවයි.” 20 හැවිරිදි සිරියානු ශිෂ්‍ය ඔමෙර් පැවසුවේ “සුන්බුන් යට මා දන්නා පවුලක් සිටිනවා.

පෙ.ව. 11.00 හෝ දහවල් වනතුරුත් මගේ මිතුරා දුරකථනයට පිළිතුරු දෙමින් සිටියා නමුත් ඇය තවදුරටත් පිළිතුරු දෙන්නේ නෑ ඇය එහි පහළ සිරවී සිටී.” මුස්තාපා තම බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් පස්දෙනා තම මෝටර් රථයට දමාගෙන ගියේ මරණ බියෙන් ගැලවීමටය.

“අපිට ගෙදර යන්න බැහැ” හැමෝම බයයි.,” 55 හැවිරිදි ඔහු පවසයි 35 හැවිරිදි හැලිස් අක්ටෙමූර් පැවසුවේ පුද්ගලයන් තිදෙනෙකු බේරා ගැනීමට හැකිවූ නමුත් එයින් දෙදෙනෙකු මිය ගිය බවයි.

‘එය ලෝක විනාශයට සමානයි’ යැයි උතුරු අටරෙබ් නගරයේ සිරියානු ජාතික අබ්දුල් සලාම් අල්-මහමුද් පැවසීය. ‘දැඩි සීතලයි, තද වැස්සකුත් තියෙනවා, මිනිස්සුන්ට මුකුත් නැහැ.

තුර්කි ආපදා ඒජන්සියේ නිලධාරියෙකු වන ඔර්හාන් ටාටාර් වාර්තාකරුවන්ට පැවසුවේ ප්‍රධාන භූමිකම්පා දෙක එකිනෙකින් ස්වාධීන වූ බවයි.

දෙවන භූමිකම්පාවෙන් කොපමණ හානියක් සිදුවී ඇත්ද යන්න වහාම පැහැදිලි නොවීය.

එය පළමු භූමිකම්පාව මෙන් කලාපය පුරා දැනුණු අතර එනිසා සුන්බුන්වලින් තුවාල ලැබූවන් බේරා ගැනීමට කටයුතු කරන අය පවා අනතුරට ලක් විය.

තුර්කි රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, පළමු කම්පනයෙන් තුර්කියේ පමණක් පුද්ගලයින් 1000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයන් 5300කට අධික පිරිසක් තුවාල ලැබූ බවය.

තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත් සුලෙයිමාන් සෝයිලු පැවසුවේ නගර 10 කට බලපෑම් එල්ල වී ඇති බවයි: ගාසියාන්ටේප්, කහමරන්මාර්ෂ්, හාටයි, ඔස්මානියේ, ආඩියාමාන්, මලටියා, ෂාන්ලුර්ෆා, ඩානා, ඩියාර්බකා සහ කිලිස් යනු ඒවායි. ඩියාර්බකාහි බීබීසී තුර්කි වාර්තාකරුවකු වාර්තා කළේ, නගරයේ සාප්පු සංකීර්ණයක් ද කඩා වැටී ඇති බවයි.

මේ කම්පනය ලෙබනනයට සහ සයිප්‍රසයට ද දැනී ඇත. ලෙබනන් අගනුවර වන බීරූට් හි ශිෂ්‍යයෙකු වන මොහොමඩ් එල් චමා බීබීසී වෙත පැවසුවේ “මම මොකක් හරි ලියමින් හිටියේ හදිසියේම මුළු ගොඩනැගිල්ලම හෙලවෙන්න ගත්ත.

මට ඒ දැනුණේ මොකක්ද කියලා මං දැනන් හිටියේ නෑ. මම ජනේලය ළඟ හිටිය නිසා ඒවා කැඩිලා බිඳිලා යයි කියලා මම බය වුණා.

විනාඩි හතරක් හෝ පහක් ගත වුණාට පස්සේ ඒක වුණාට පස්සේ ඒක බිහිසුණු වුණා” ඔහු පැවසීය.

ගාසා තීරයේ බීබීසී නිෂ්පාදකවරයකු වන රුෂ්ඩි අබුආලාවුෆ් පැවසුවේ ඔහු රැඳී සිටි නිවසේ තත්පර 45 ක පමණ සෙලවීමක් ඇති වූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGallery