ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්..සූනාමි අනතුරුත් අඟවයි..
Earthquake
By Aruna
ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දුනීසියානු වේලාවෙන් අද (10) අලුයම 2.47ට පමණ භූ කම්පනය සිදුව ඇති බවයි.
භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක් ද නිකුත් කිරීමට ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය පියවර ගත්තේ ය.
කෙසේ වෙතත් මුහුදු මට්ටමේ සැළකිය යුතු වෙනසක් වාර්තා නොවූ බැවින් මේ වනවිට එම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයි ද සඳහන් ය.
භූමිකම්පාවෙන් පසු කම්පන හතරක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් වාර්තා පැවසුවේ, භූ කම්පනයෙන් එරට ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |