පාසල් දරුවන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. - "මේක Online ආවේ පුතා කැම්පස් ගිය වෙලාවේ. " - (VIDEO)
ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි , උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි පවසනවා.
ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ , ජා - ඇළ විශේෂ සුරාබදු වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව , අත් අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටියදී ඔහුඉ මේ බව කියා සිටියා.
මේ වනවිට කොළඹ , ගම්පහ , පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පාසැල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිතා වන බව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
මේ අතර ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින අතර පසුගිය දිනෙක රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවෙකු , මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත් ,එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20 ක් මුදලක් අය කර ගෙන ඇති බව දෙමාපියන් විසින් පාසලට,පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිළි කර ඇති බවද ඔහු සඳහන් කළා.
මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට ( Online ) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන අතර එම දුම්වැටි ස්මාර්ට් අත් ඔරලෝසු , පෙන් ඩ්‍රයිව් , විදුලි බල ගබඩා ( Power Bank ) , සුවද විළවුන් බෝතල් යන ආකාර වලින් නිෂ්පාදනය කර තිබෙන නිසා මෙය දුම්වැටියක් ලෙස හදුනා ගැනීමට අපහසු වී ඇති අතර , මෙම දුම්වැටි පාසැල් සිසුන් සහ තරුණයන් තම පරිගණකය අසළ , සුවද විළවුන් බෝතල් අසළ තබන බවයි වාර්තා වන්නේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම විද්‍යුත් දුම්වැටි ක්ෂණිකව හදුනා ගැනීමට අධ්‍යාපන බලධාරීන් , පොලිසිය සහ සුරාබදු නිලධාරීන් නොහැකි වීම නිසා මෙම දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බවයි.