දුලාන්ජලී හදිසියේම පවුල පිටින් රටින් පිටවේ

Sajith Premadasa Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Aug 27, 2022 10:23 AM GMT
Report

රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ සටහන් කර ගැනුණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26) උදේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 505 දරණ ගුවන් යානයෙන් මෙසේ දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ සන්ජේ ජයකොඩි සහ අමායා ජයකොඩි යන දරු දෙදෙනාද සමඟය

රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනුණේ පසුගිය 20 වෙනිදා සෙනසුරාදා දිනයේය.

කිසියම් ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවෙසට ඉකුත් ජුලි මස 9 වැනිදා ගිනි තබනු ලැබීමෙන් එහි වටිනා පොත්පත් ඇතුළු දේපළ රැසක් විනාශවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුලාංජලී ජයගොඩ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තේ ඇය එම සිද්ධියවූ අවස්ථාවේදී ඒ ස්ථානයේ සිටි බවට ලැබුණු තොරතුරක් අනුවය.


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now