බීමතින් අශෝභන ලෙස හැසිරුණු පාසැල් සිසු සිසුවියන්ට ලැබුණු තීන්දුව
Anuradhapura
Sri Lanka
Sri Lanka Police Investigation
By Sithumi
බීමතින් අශෝභන ලෙස හැසිරුණු පාසල් සිසුවියක් සහ සිසුන් තුන්දෙනෙකු ඇප මත මුදාහැරීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තාවනවා. මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ පන්තියේ සිසුවියක් සහ සිසුන් තුන්දෙනෙක්.
ඔවුන් පසුගියදා මත්පැන් පානය කර අනුරාධපුර නව බස් නැවතුම්පල ආසන්නයේ ඇති කූඹිච්චන්කුලම වැව අසළ අශෝභන ලෙස හැසිරී තිබෙනවා. පසුව එම සිසුවිය සහ සිසුන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඇප මත මුදාහැර ඇත්තේ.
එහිදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත ඔවුන් මුදාහැර ඇති අතර, ලබන වසරේ අප්‍රේල් මස 3 වනදා නඩුව යළි කැඳවීමටද නියමිතයි. එදිනට සිසුන්ගේ දෙමාපියන්ද අධිකරණයට කැඳවන ලෙසටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |