ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබු මත්පෙති තොගයකට සිදු වූ දේ..

Sri Lanka India
By krishani Jan 06, 2023 07:00 AM GMT
Report

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා රැගෙන ඒමට සූදානම් කර තිබූ නීති විරෝධී මත්පෙති ලක්ෂ හයක තොගයක් ඉන්දියාවේ රාමනාදන්පුරම් හි දී තමිල්නාඩු පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

වේඩාලෙයි ගම්මානයට ආසන්න වෙරළ තීරයේ තිබූ යාත්‍රාවකින් මෙම මත්පෙති තොගය සොයාගෙන ඇත්තේ.

මේවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැළසුම් කළ ජාවාරම්කරුවන් සොයා තමිල්නාඩු පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේවෙතත් මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් මැඩලීමට ඔවුන්ගේ සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join