ලංකාවේ භාවිතා කරන ඖෂධ ගැන අලුත්ම හෙළිදරව්වක්.
Sri Lanka
Drugs
Healthy
Keheliya rabukwelle
By Aruna
මෙරටදී ම ඖෂධ නිෂ්පාදනයට පියවර මෙරට භාවිත කරන ඖෂධවලින් සියයට හැත්තෑවක් රට තුළම නිෂ්පාදනය කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා.
තවත් වසර දෙකක් ඇතුළත අදාළ ඉලක්ක වෙත ළඟාවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටියා.
මහනුවරදී ඊයේ (16 වැනිදා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවා.
මෙම ඖෂධ නිෂ්පාදනය සඳහා ආරම්භය ලබාදී තිබෙන බවත් හෙතෙම සඳහන් කළා.
ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට හතරවන බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙන බවත් ඉදිරියේදී අවශ්‍යතාවක් ඇතිවුවහොත් ජනතා සුබ සිද්ධිය පිණිස සිව්වන බූස්ටර් එන්නත ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |