පෙදරේරු වැඩ කරපු ආමි අසංක හිටි හැටියේම කෝටිපතියෙක් වූ හැටි. - දේපළ සමඟ බිරිඳ අල්ලයි.(PHOTOS)
දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංකගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමඟයි.
එම දේපල අතර රුපියල් කෝටි තුනකට ආසන්න පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලකට මුද්‍රා තැබූ බව ද පොලිසිය පවසනවා.
එමෙන්ම මෙම වැටලීමේදී පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, පර්චස් දහයක ඉඩමක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක්,මෝටර් රථයක් , යතුරුපැදි දෙකක් , කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පවුම් පනහක් වටිනා රන් භාණ්ඩ තොගයක්, මුදලින් 1,23,000, පර්චස් දහයක ඉඩම් තුනක් සොයාගෙන තිබෙනවා.
විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, ආමි අසංක නමැත්තා යුද හමුදා වේ සේවය කරද්දී වැඩ තහනමකට ලක්ව පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වී මෙසේ අයථා වත්කම් උපයාගෙන ඇති බවයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය, විශේෂ කාර්ය බළකාය හා කහතුඩුව පොලිසිය එක්ව මෙම වැටලීම් සිදු කර තිබුණා.