කවුරුත් පුදුම කරමින් උසස් පෙළ පන්තියේ සිසුන්ගේ බෑගයෙන් හමුවු දේ..

Kurunegala Sri Lankan Schools School Incident
By Sewvandhi Feb 22, 2024 01:49 PM GMT
Report

මාවතගම ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන උසස් පෙළ සිසුන් දෙදෙනෙකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නව උපකරණයක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූුවේ උපකරණය විදේශ රටකින් ආනයනය කරන ලද්දක් බවයි.

මෙම පාසලේ ඊයේ (21) සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ සිසුන්ගේ බෑගයේ තිබී උපකරණය හමුවූ බවයි වාර්තා වන්නේ.

ව්‍යාපාරිකයෙකු විසින් මෙම උපකරණය ඔවුන්ට අලෙවි කර ඇති බවයි, සිසුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ.

කෙසේ වෙතත් මේ වනවිට අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශනය සිදු කරන බවයි පොලිසිය පවසා ඇත්තේ.