ඩොලරයේ විකුණුම් මිල රු.340 සීමාවෙන් පහළට
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මාසයකට පමණ පසු අද (10) යළි රුපියල් 340 සීමාවෙන් පහළට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.88ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 339.94ක් ලෙසත් සටහන් වී ඇත.
පසුගිය සිකුරාදා (07) ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙළින් රුපියල් 331.01ක් සහ රුපියල් 340.15ක් ලෙස සටහන් වී තිබුණි.
ඒ අනුව, ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ පසුගිය ජූලි 08 වැනිදායින් පසුව පළමු වරටය.