බැල්ලියක සපා කෑමෙන් තිදෙනෙකුට බරපතළ තුවාල - පුද්ගලයෙකු ශල්‍යකර්මයකටත් භාජනය කරයි
Galle
Kalutara
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අද (25) දහවල් බැඳ තිබූ දම්වැල කඩාගෙන ,බෙන්තොට සංචාරක නිකේතනයක පදිංචිව සිටින ප්‍රංශ ජාතික විදේශිකයෙකුට අයත් සුරතල් බලු පැටියකු කළුවාමෝදර ප්‍රදේශයට පලා ඇවිත්, එහි සිටි පුද්ගලයින් තිදෙනකු සපා කෑමෙන් ඔවුන්ට බරපතළ තුවාල සිදු වීමේ පුවතක් වාර්තා වනවා.
වයස අවුරුදු තුනහමාරක් වයසැති ග්‍රේඩන් වර්ගයේ 'ලකී'නමැති බැල්ලියකුයි මෙලෙස දම්වැල කඩා පලා ගොස් ඇත්තේ. බැල්ලියගේ සපාකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අලුත්ගම පොලිසිය සඳහන් කළේ, බැල්ලිය සපා කෑ එක් පුද්ගලයෙකු ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති බවයි. සිදු වූ ශාරීරික හිංසනය වෙනුවෙන් ලබා ගන්නා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය පහසුකම් සැලසීමට විදේශිකයා එකඟ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |