සෞඛ්‍ය ආයතන සහ රෝහල් කාර්ය මණ්ඩලය ගැන විශේෂ අනාවරණයක්..!

Covid19 Saman Rathnapriya health staff Asela Gunawardhana National Hospital
By Sewvandhi Feb 06, 2022 10:22 AM GMT
Report

රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට කොවිඩ් වැලඳී ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය අනාවරණ කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින්, එම සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට ජාතික රෝහලේ හෙද නිලධාරින් 150කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් වැලඳී ඇති බවය.

"ජාතික රෝහලේ හෙද නිලධාරීන් 150කට කොවිඩ්. මාළිගාවත්ත රෝහල ගත්තත් හෙද නිලධාරින් 20කට වගේ කොවිඩ් වැලඳිලා තියෙන්නේ. කළුබෝවිල ගත්තත් රාගම ගත්තත් දිනපතා වාර්තා වෙන්නේ, අපේ වාට්ටුව පොසිටිව්‍ අපේ යුනිට් එක පොසිටිව්, අල්ලපු නර්ස් පොසිටිව් වගේ කතා තමයි." 

මේඅතර, පවතින වාතාවරණය යටතේ අසත්‍ය තොරතුරුවලට නොරැවටී කඩිනමින් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now