ජනපති රනිල්ගේ දුරකථන ඇමතුම් ලැයිස්තුව ගැන පොහොට්ටු මන්ත්‍රී කළ හෙළිදරව්ව.
                                    
                    Mahindananda Aluthgamage
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                                                
                    Samagi Jana Balawegaya
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ජනාධිපති රනිල් වික්‍රමසිංහට එන දුරකථන ඇමතුම් ගැන පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හෙළිදරවුවක් කර තිබෙනවා.
ඔහු පවසන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට එන දුරකථන ඇමතුම් ලැයිස්තුව ගෙන බැලුවහොත් වැඩිම ඇමතුම් ලැබෙන්නේ සජබෙන් බවයි.

මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කරමින් කියා සිටියේ, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී බනින අය ඔහුට දුරකථන ඇමතුම් දී හුරතල් වන බවයි.
"ජනාධිපති ලේකම් කාර්යාලයට යන විට ඇත්තටම අපට ඉඩ නෑ. සජබෙ අයගෙන් ජනාධිපති තුමාගේ කාර්යාලය පිරිලා.හෙට අනිද්දා වන විට සජබෙ කී දෙනෙක් ජනාධිපතිතුමා සමග හිටගනීවිදැයි විපක්ෂ නායකතුමාට බලාගන්න පුළුවන්."
                
                