දියවැඩියා ඖෂධයක් ගැන අසත්‍ය පුවතක්..ජීවිත අනතුරේ ජනතාවට දැනුම්දීමක්..!
මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ, තමා සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් බවට පවසමින් දියවැඩියා රෝගය සම්බන්ධයෙන් ව්‍යාජ වෙබ් අඩවියක අසත්‍ය පුවතක් පළකර ඇති බවයි.
එම අසත්‍ය ලිපියේ දැක්වෙන පරිදි කටයුතු කිරීමෙන් දියවැඩියා රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවයි, රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ජනතාවට දැනුම්දෙන්නේ.
Dionica නම් ඖෂධයක් සම්බන්ධයෙන් අදාළ අසත්‍ය ලිපිය පළකර ඇති අතර මහාචාර්ය අර්ජුන ද සිල්වා තවදුරටත් සඳහන් කරන්නේ තමා කිසිවිටෙකත් අදාළ ඖෂධය සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබානොදුන් බවය.
මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණය කරන්නේ,ඒ හේතුවෙන් දියවැඩියා රෝගීන් දැනට භාවිත කරන ඖෂධ නවතා හෝ එසේ නොමැතිව හෝ මෙම ඖෂධය භාවිත කරන ලෙස තමා කිසිවිටෙක පවසා නැති බවයි.
මෙවැනි ව්‍යාජ පළකිරීම්වලින් ජනතාව ප්‍රවේසම් වියයුතු බවත් මහාචාර්යවරයා පවසයි.
තවද මෙම අසත්‍ය පුවත ට තමාව සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් තමා දැනටමත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිළි කර ඇති බවත් ඔහු පැවසීය.