රාජ්‍ය සේවකයින් ගැන රජය එකවරම තීරණයකට යයි - හැබැයි මෙන්න මෙහෙමයි..

Dinesh Gunawardena Sri Lanka Politician Prime minister Government Of Sri Lanka Latest Headlines
By krishani Jun 16, 2024 10:11 AM GMT
Report

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රාජ්‍ය සේවකයින් ගැන රජය එකවරම තීරණයකට යයි - හැබැයි මෙන්න මෙහෙමයි.. | Dinesh Gunawardhena Announsment

ඒ පළාත් පාලන ආයතනවල සේවය ස්ථර නොකරන ලද සියලු‍ සේවකයින් ස්ථීර කිරීමට පියවර ගත් බවයි.

ඉකුත් සිකුරාදා සිට අදාළ ස්ථිර කිරීම් සිදු කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඒ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.

ජංගම දුරකථන මිලට වුණ දෙයක්?.

ජංගම දුරකථන මිලට වුණ දෙයක්?.


මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බවයි.

ඒ අනුව මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟ පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිලිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වාහන ආනයනය යනු රටේ විදේශ සංචිත වලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම, රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේ ය.

සම්පූර්ණ විස්තරය පහතින්,

ලංකාවම ආසාවෙන් බලන් හිටිය, වාහන ගෙන්වීම ගැන රජය එකවරම ගත්ත තීරණය මෙන්න..

ලංකාවම ආසාවෙන් බලන් හිටිය, වාහන ගෙන්වීම ගැන රජය එකවරම ගත්ත තීරණය මෙන්න..