අගමැතිගෙන් නව කමිටුවක්..

Dinesh Gunawardena Prime minister
By krishani Aug 23, 2022 02:41 AM GMT
Report

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (22) දින පැවැති රැස්වීමක දී ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.

මෙම වැඩසටහන ඔස්සේ ධීවර කර්මාන්තය සවිබල ගන්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර ඇත.

මීට පෙර පශු සම්පත් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වා ඇති අතර මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ ඉදිරි වසර දෙක සඳහා ජනතාවගේ පෝෂණය ඉහළ නැංවීම ඇතුළු කඩිනම් ආහාර සුරක්ෂිතතා වැඩසටහන වහා ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දියත් කිරීමට තීරණය කර ඇති මෙම නව සංවර්ධන වැඩසටහන යටතේ ධීවර කර්මාන්තය සවිබල ගැන්වීම හරහා මෙරට මත්ස්‍ය අවශ්‍යතාවය සපුරා ගැනීම මෙන්ම එමගින් ජනතාවගේ පෝෂණය ඉහළ නැංවීම ඉලක්ක කෙරෙයි.

එසේම මත්ස්‍ය සම්පත ප්‍රධාන අපනයනයක් බවට පත්කිරීමට හැකියාවද අග්‍රාමාත්‍යවරයා මේ සාකච්ඡාවේ දී පෙන්වාදී තිබෙන අතර ධීවරයන්ට වර්තමානයේ අත්‍යවශ්‍යව තිබෙන භූමිතෙල් සහ ඩීසල් වහාම සැපයියමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකසන ලෙස අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join