අඩලා තියෙනවා..පැරදුණේ නැත්නම් මම අද මෙතන නෑ.. දිනක්ෂි කරපු ආදරණීය කතාව...(PHOTOS)
බොහෝ අද්දැකීම් සහිතව ඉදිරියට යන ආදරණීය නිළියක් විදියට දිනක්ෂි ප්‍රියසාද් ගැන හැමෝගෙම ආදරය දිනාගත්ත නිළියක්.
සාරංගගේ ආදරණීය බිරිද විදියටත් දිනක්ෂි ජීවිතේ ඉතාම හොද විදියට ආදරෙන් ජීවිතේ ගෙවනවා. දිනක්ෂි කියන්නේ මල් යහනාවක් මතින් එයාගේ ජීවිතේ එයා මේ ඉන්න තත්වෙට ආපු කෙනෙක් නෙමෙයි.
එයා බොහෝ කාලයක් එයාගේ ජීවිතේ වැටීම් රිදීම් මැද්දේ ඒ වගේම කාලයක් පුරාවටම සමාජෙන් එල්ල වුණු තාඩන පීඩන මැද ජීවිතේ ගෙවන කෙනෙක්.
ඒ නිසාම අද වෙද්දි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිළියක් බවට පත්වෙලා තියෙනවා.
ඉතින් එයාගේ ජීවිතේ ගැන හඩ අවදි කරපු තැනක දිනක්ශි මෙන්න මෙහෙම ඇගේ ජීවිතේ ගැන කියලා තිබුණා.
"මගේ ජීවිතේ ඕන තරම් වැටිලා තියෙනවා අඩලා තියෙනවා රිදිලා තියනවා මිනිස්සු රිද්දලා තියෙනවා. ඒ අභියෝග මැද ජීවිතේ නොහිතපුන්තරම් දුර ඇවිල්ලා තියෙනවා. ඒ දේවල් නැත්නම් අද මම මෙතන නැහැ"