මගේ හිත කියන්නෙම සම්ප්‍රදායෙන් පිට පලයන් කියලා” ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි (PHOTOS)

Gossip Today Dinakshie Priyasad Sri Lankan Actress SL Actress Gossips
By Sithumi Aug 22, 2022 04:46 PM GMT
Report

 ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි මෙරට කොයි කාගෙත් ආදරය හිමිකරගෙන ඉන්න ජනප්‍රිය කලාකාරිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියල කියන්නේ. කොහොම වෙතත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඉන්න මේ කලාකාරිනිය මෑතකදී නම් අපට කලා නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණේ නැහැ. ඊට හේතුව වෙන්නේ ඇය මීට මාස කිහිපයකට පෙරදී උතුම් මව්පදවිය ලැබීමයි.

කෙසේ නමුත් දියණියක බිහිකරමින් උතුම් මව්පදවිය ලැබු ඇය කළා කටයුතු වලින් තරමක් ඈත් වෙලා හිටියත් පොඩි පොඩි කළා කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඇත්තෙන්ම ඇයට කලා නිර්මාණ සමගින් එක්වීමට නොහැකි වෙන්නේ දුවගේ වැඩ කටයුතු හැම දෙයක්ම ඇගේ අතින්ම කිරීමට සිදුව තිබීමයි. මේ දේවල් ගැන අදහස් දක්වමින් දිනක්ෂි කියන්නේ මෙහෙම කතාවක්.

ඉතින් ඇත්තටම මට ඕනේ ගෙදර හැම වැඩක්ම මගේ අතින්ම කරන්නයි කියන ඇය කියන්නේ උදේ නැගිටපු වෙලාවේ ඉඳලා බබාගේ වැඩ කරලා ඊට පස්සේ එයා නිදාගත්තම ගෙදර වැඩක් කරන්න පටන් ගන්නවා කියලයි. තවද වැඩක් නැති කම්මැලි වෙලාවක් නම් සාරංගත් ගෙදර නැති වෙලාවට බබා එක්ක ටිකක් නිදිය ගන්නවා කියන ඇය මම ආසයි ගෙදර පිළිවෙලට පිරිසිදුවට තියාගන්න කියලයි පවසන්නේ.

ඒ නිසා අස් පස් කරන වැඩ මගේ අතින්මයි කරන්නේ කියන දිනක්ෂි කළා කටයුතු වලට ආරාධනා ලැබෙනවා කියලයි කියන්නේ. තවද දුවට තවම අවුරුද්දක් වත් උනේ නැති නිසා එයාව තනියම දාලා යන්න හිතෙන්නේ නැහැ කියන ඇය සමහරවිට ඉදිරියට රංගනයට ආවත් කලින් තරම්ම නිර්මාණ වලට සම්බන්ද වෙන එකක් නැහැ කියලයි කියන්නේ.

මේ අතර බබාව දාලා දවස් ගණන් පිට පළාත් වල යන්න බැහැ කියන ඇය පවසන්නේ දැනටත් මොන වැඩේට ගියත් දුව බලන්න ගෙදර එන්න කොයි වේලාවේද කියලා ඉන්නේ කියලයි. ඒ වගේම ජිවිතේ සැහැල්ලු කරගන්නෙත් ඕනෑවට වඩා කාර්යබහුල කරගන්නෙත් අපිමයි කියන ඇය කියන්නේ අපි කොහොම හිටියත් විවිධ කතා හැදෙනවා කියලයි. ඒවා වලක්වන්න බැහැ, රංගනයට ආපු මුල් දවස්වල මමත් ඒවා ගොඩක් හිතට ගත්තා කියන ඇය මිනිස්සු බනිනකොට ඒවා බල බල දුක් වුනා, දැන්නම් මම දන්නේ නැහැ බනින්නේ කවුද නැත්තේ කවුද කියල කියලයි පවසන්නේ.

මේ අතර අපට ආදරේ කරන රසිකයින් ගොඩක් ඉන්නවා කියන ඇය අපිත් ඒ හැම කෙනෙක්ටම ගොඩක් ආදරෙයි කියලයි කියන්නේ. ඉතින් ඕනෑම කෙනෙක්ට මම නම් කියන්නේ හැමදේකටම වඩා තමන්ගේ පවුලට මුල්තැන දෙන්න කියලයි කියන දිනක්ෂි කියන්නේ කාන්තාවක් විදියට ගෙදරට තමන්ගෙන් ලැබෙන්න ඕන යුතුකම් වගකීම් කරන්න කියලයි.

එතකොට පවුලේ ප්‍රශ්න අඩුවෙනවා, අනුන්ගේ දේවල් ගැන හොයන්නේ නැතුව තමන්ගේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න කියලයි ඇය කියන්නේ. මේ අතරතුර දිනක්ෂිගේ ෆේස්බුක් ගිණුමේ ඇය ෆොටෝ එකක් ශෙයා කරලා තිබුනා. එකේ දාලා තිබුනේ always my mind say සම්ප්‍රදායෙන් පිට පලයන් කියලා. ඉතින් මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම කියල ගමනක් යන මේ ජනප්‍රිය කලාකාරිනියට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery