ආයතන රැසක් සම්බන්ධයෙන් හෙට සිට කරන්න යන දේ මෙන්න..
දිලුම් අමුණුගම පාඩු ලබන ආයතන සම්බන්ධව රජය ගන්න යන පියවර දිගින් දිගටම පාඩු ලබන ආයතන තව දුරටත් රජය යටතේම තබා ගන්නවාද නැතහොත් වෙනත් පාර්ශ්වයකට ඒවා පවරනවාද යන්න සම්බන්ධව දැඩි තීන්දු තීරණ රැසක් ලබන වසරේදී ගැනීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මන්ත්‍රිවරු පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් රටේ සුබ සිද්ධිය පිණිස රජය ගනු ලබන තීන්දු තීරණ වර්ජන නිසා ආපස්සට නොගත යුතු බවට එහිදී ඉදිරිපත් වූ අදහස්වලට එකඟතාව පළ වූ බවත් ඒ මහතා කීය.
මෙරට 586 වැනි පොලිස් ස්ථානය මහනුවර අලදෙණියේදී විවෘත කරමින් ඊයේ (30 වැනිදා) දිළුම් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකිව මහ භාණ්ඩාගාර මුදල් මත යැපෙත්දීත් සේවකයන් වර්ජන කරමින් එම ආයතන තව තවත් පහළට ඇද දැමීමට කටයුතු කරන බවත් මේවා සම්බන්ධයෙන් ඉදිරි වසරේදි බරපතළ තීන්දු ගැනීමට නියමිත බවත් හෙතෙම අවධාරණය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |