සියලූම ගුරුවරුන්ට කළ දැනුම්දීම මෙන්න..

A D Susil Premajayantha Sri Lanka Politician Sri Lankan Schools Education Latest Headlines
By krishani Jun 18, 2024 10:00 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

සියලූම ගුරුවරුන්ට කළ දැනුම්දීම මෙන්න.. | Digitization Of All Schools In Sri Lanka

ඒ සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බවයි.

එමෙන්ම, ඒ මහතා පැවසුවේ දැනුම සොයා ගොස් යාවත්කාලීන කරගනිමින් සිසුන්ට අවශ්‍ය නව දැනුම ලබා දීමේ නිපුණතා ළඟා කරගැනීමට ගුරුවරුන් දක්ෂ ලෙස ක්‍රියාකාරී විය යුතු බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ඒ තත්වය මනාව වටහා ගෙන දරුවන් වෙනුවෙන් වෙනස් වීමට සූදානම් විය යුතු බවයි.

මේ අතර, ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි.

රැකියාවක් ගැන ද හිත හිත ඉන්නේ?. රැකියා දෙන හැටි ජනපති කියයි..(VIDEO)

රැකියාවක් ගැන ද හිත හිත ඉන්නේ?. රැකියා දෙන හැටි ජනපති කියයි..(VIDEO)


ඒ සම්බන්ධයෙන් විවිධ දුර්මත සමාජය තුළ ඇති වී තිබෙන බව අදාළ නිවේදනයෙහි දැක්වේ.

එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත්කළ එම නිවේදනයෙහි සඳහන් වෙයි.