ඩීසල් බවුසර් 12ක් උස්සපු ආණ්ඩුවේ ලොක්ක කවුද?..සම්පූර්ණ විස්තරය මෙන්න.

Gotabaya Rajapakshe Diesel bowser Abathalee
By Aruna Apr 07, 2022 07:05 AM GMT
Report

ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමීප නිලධාරියකුගේ බලපෑම් හේතුවෙන් පවතින ඩීසල් හිගය නොතකා අඹතලේ ප‍්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හලකට අඛණ්ඩව ඩීසල් සැපයීමට සිදුව තිබීම නිසා මේ වනවිට ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ දැඩි අසීරුතාවට ලක්ව සිටිති.

ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්‍ෂවරයකුගේ බිරිඳට අයත් ඉන්ධන පිරවුම් හලකට මෙසේ ඩීසල් සැපයීමට ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට සිදුව ඇත.

කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල ඉන්ධන හල් රැසක ඩීසල් හිඟ වීමෙන් අර්බුද රැසක් තිබියදී ජනාධිපතිවරයාගේ බලය සියතට ගෙන සිටින නිලධාරීන් මේ අන්දමට එක් ඉන්ධන හලකට ප‍්‍රමුඛතාව ලබාදීම බලවත් අසාධාරණයක් බව ඉන්ධනහල් හිමියෝ සඳහන් කරති.

පවතින ජනතා විරෝධය හමුවේ ජනාධිපතිවරයාට සමීප නිලධාරීන් මේ අන්දමට කටයුතු කිරීම තවදුරටත් ජනාධිපතිවරයා අපහසුතාවට පත්කරවන්නක් බවද ඔවුහු පෙන්වා දෙති.

පසුගිය දින කිහිපයක් තුළ අදාළ ඉන්ධන හලට විශාල ඩීසල් බවුසර් අටක්ම සැපයීමට මෙම නිලධාරියාගේ බලපෑම් හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට සිදුව ඇති අතර මේ වනවිට තවත් ඩීසල් බවුසර් හයක් එම ඉන්ධන හලට ලබාදීමට නියමිතව තිබෙන බවද අනාවරණය වේ.

උපුටා ගැනීම -දිවයින


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now